මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදහන් කලැයි චෝදනා එල්ලවී සිටින යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසකට එරෙහිව ගොනුකර ඇති නඩුවේ විභාගය ජුනි මස 09 වනදා යළි ඇරඹීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියමකර ඇත.
එම නඩුව අද (19) ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.
නඩුව නැවත කැඳවීම ජුනි මස 09 වනදාට නියම කර ඇති අතර එදිනට සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන් අධිකරණයට කැඳවන ලෙසද නියෝග කෙරුණි.
(Aruna)