Sunday, February 08, 2026
Follow Us
කොළඹ වැඩිහිටි නිවාසවල නේවාසිකයන්ට සතියක් තුළ කොවිඩ් එන්නත

කොළඹ මහ නගර සභා සීමාවේ ඇති වැඩිහිටි නිවාසවල සිටින වැඩිහිටියන්ට කොවිඩ් එන්නත සතියක් තුළදී ලබා දී අවසන් කරන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි පවසයි.

ඊයේ (18 වැනිදා) සිට විශේෂ ගිලන් රථ සේවාවක් මගින් කොළඹ මහ නගර සභා සීමාව තුළ වැඩිහිටි නිවාස 28ක වැඩිහිටියන් 2800කට කොවිඩ් මර්දන එන්නත ලබා දීම ආරම්භ කෙරිණි.

වැඩිහිටියන් සිටින නිවාස සඳහා ගිලන් රථවලින් අදාළ නිලධාරීන් ගොස් මෙම එන්නත ලබාදීමට කටයුතු කරන බවද ඔහු පැවැසීය.

(Aruna)