හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් උදර්පණ නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීම සඳහා තෙවන වරටත් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත කරුණු පැහැදිලි කිරීම් යොමු කර තිබෙන බව නීතිපතිවරයා අද කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන්නා. ඒ, මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳ නඩුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
මහබැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුවේ ප්‍රධාන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණය මග හැර සිටින බැවින් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය 2019 වසරේ අගෝස්තු මස 09 වනදා වරෙන්තු නිකුත් කර තිබෙනවා.
(NEth)