මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ට ද කොවිඩ්-19 එන්නත ලබාදීමට සැලසුම් කර ඇති බව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පවසයි.
ඒ අනුව එන්නත් මාත්‍රා 2000ක් පමණ ලබාදීමට රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එකඟත්වය පළකර ඇතැයි මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂකවරයා සදහන් කරයි.
මෙම එන්නත රෝහලේ නේවාසිකව මෙන්ම සායනික ප්‍රතිකාර ලබන රෝගීන්ට ලබාදීමට සැලසුම් කර ඇතැයි වෛද්‍ය වසන්ත දිසානායක මහතා පැවසීය.
දැඩි වෛද්‍ය අධීක්‍ෂණය යටතේ එන්නත් ලබාදීමට බලාපොරොත්තු වන බව මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සදහන් කරයි.
(Aruna)