කොවිඩ් එන්නත ලබා නොගත් පුද්ගලයින් විදේශ ගතව සිට පැමිණ හෝටල් හි නිරෝධායන විය යුතු කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
විදේශගතව සිට පැමිණෙන පුද්ගලයින් හෝටල් හි නිරෝධායනය ව්මේදී ඔවුන් ගේ PCR පරීක්ෂණ පැමිණීමේ දිනය සහ 07 වන දිනය තුල සිදුකරන අතර එම වාර්තාවේ ප්‍රථිපල අනුව දින 07ක නිරෝධයනයෙන් පසු නිවෙස කරා යාමට ඉඩ ලැබේ.
නිවෙසට පැමිණීමෙන් පසු ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දීමෙන් පසු ඉතිරි දින 07ක කාලය නිවෙස් නිරෝධායනයේ පසුවිය යුතුය.
සාමාන්‍ය නිරෝධායන මධ්‍යස්ථාන තුල නිරෝධායනයට ලක්වන විදේශගතව සිට පැමිණෙන පුද්ගලයින් පැමිණි දිනයේදී සහ දින 10කට පසුව PCR පරීක්ෂණ වලට ලක් කෙරෙනු ඇත.
එම PCR පරීක්ෂණ දෙකේ ප්‍රථිපල අනුව ඔවුන්ට නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පිටව යෑමට අවසරය හිමිවේ.
නිවසට යාමෙන් පසු සෙසු දින 04 ක කාලය නිවෙස් නිරෝධායනයේ පසුවිය යුතුය.
නිවෙස් නිරෝධායනය වන පුද්ගලයින්ට යම් ස්වසන රෝග ලක්ෂණ පෙන්නුම් කළහොත් ඔවුන් වහාම සෞඛ්‍ය අංශ දැනුවත් කළ යුතු වේ.
(Neth)