රටේ පවතින තත්වය හමුවේ පෞද්ගලික අංශයට ද කොවිඩ් 19 එන්නත ආනයනය කිරීමට අවසර ලබා දිය යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
එන්නත් ලබා දීමේ දී මීළඟට ප්‍රමුඛතාවය ලබා දිය යුත්තේ වැඩ කරන ජනතාවට බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කරයි.
කර්මාන්තශාලා සහ අනෙකුත් වැඩකරන ආයතනවලින් කොවිඩ් ආසාදිතයෝ වැඩි ප්‍රමාණයක් දැනට වාර්තාවෙමින් පවතින බැවින් ඔවුන් සඳහා එන්නත් ලබා දීමට රජයට මේ මොහොතේ ඉඩකඩ නොමැතිනම් එන්නත් ආනයන කිරීමට පෞද්ගලික අංශයටද අනුමැතිය ලබා දීම සිදු කළ යුතු බව සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියට යටත්ව සෞඛ්‍ය අංශවලින් එන්නත් ලබාගන්නා පදනම මත ලංකාව තුළට පෞද්ගලික අංශයට එන්නත් ගෙන්වීමට අවසර ලබාදීමේ ගැටලුවක් නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
(Aruna)