Wednesday, July 09, 2025
Follow Us
බටහිර ජැටිය අදානි සමාගම ගන්න හදන්නේ නැගෙනහිර ජැටිය ගන්න හැදූ විදියටමයි-වරාය සේවකයෝ

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගම විසින් අත්පත් කර ගැනීමට උත්සහා කරනු ලබන්නේ 51%ක කොටස් අයිතිය සහිතව ජපානයෙන් ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබා ගනිමිනි. ඒ අනුව එම ණය මුදලෙන් 49%ක් ශ්‍රී ලංකාවේ වරාය අධිකාරියට ගෙවීමට සිදුවේ.

අදානි සමාගම බටහිර ජැටිය ඉල්ලා සිටින්නේ එම ක්‍රමවේදය අනුවය.නමුත් මීට පෙර රජයේ පාර්ශව විසින් නැගෙනහිර ජැටිය වෙනුවට බටහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට එකඟ වූයේ දකුණු ජැටිය චීනයට ලබා දුන් ආකාරයටමය.එනම් BOT ක්‍රමය අනුව සම්පූර්ණ වියදම අදානි සමාගම විසින් දැරිය යුතු අතර 15% ලාභාංශ වරාය අධිකාරියට වසර 35ක් ගෙවීමෙන් පසුව සමස්ථ ජැටිය ශ්‍රී ලංකාවේ වරාය අධිකාරියට අයත්විය යුතුය.එවිට වරාය අධිකාරියට ණය ගෙවීමට සිදුවන්නේ නැත.

නමුත් අදානි සමාගම වරාය අධිකාරියේ තමාට හිතවාදී නිළධාරින් මගින් පැරණි ක්‍රීඩාවට නැවත වතාවක් සූදානම් වන බව වරාය සේවකයෝ පවසති.

(Lanka Leads)