Wednesday, July 09, 2025
Follow Us
මෙරට ජනගහණයෙන් සියයට 50ක් කුමන හෝ දන්ත රෝගයකින් පෙලෙන බවට හෙළිවෙයි

මෙරට ජනගහනයෙන් සියයට 50 කට කුමන හෝ දන්ත රෝගයක් පවතින බව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් වෛද්‍ය විපුල වික්‍රමසිංහ පැවසුවේ වයස අවුරුදු පහේ දරුවන්ගෙන් සියයට 63කට දන්ත කුහර පවතින බවයි.

දුම්කොළ, පුවක් වැනි ද්‍රව්‍ය භාවිතය මුඛ පිළිකා ඇතිවීමටද ප්‍රධාන හේතුවක් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

(Neth)