Wednesday, July 09, 2025
Follow Us
මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 537ක් දක්වා ඉහළට

කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගල මරණ 3ක් සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ අනුව මෙරට තුළ කොරෝනා ආසාදනයවීමෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 537ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරට තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 88862ක් වන අතර, ඉන් ආසාදිතයින් 2600දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 85725කි.

(Aruna)