Wednesday, July 09, 2025
Follow Us
දන්ත වෛද්‍යවරුන්ගේ වර්ජනය ලබන සතියේ

ළබන සතියේ දීප ව්‍යාප්ත වර්ජනයක නිරතවන බව දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කර තිබේ.

එම්.බී.බී.එස්. වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63ක් දක්වා ඉහල නැංවීමට අදාළ කැබිනට් පත්‍රිකාව සඳහා දන්ත වෛද්‍යවරු ඇතුළත් නොකිරීම මෙන්ම ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලබන 22 දා දීප ව්‍යාප්ත වර්ජනයක නිරත වන බව දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ ලේකම් වෛද්‍ය විපුල වික්‍රමසිංහ මහතා කියා සිටියේ එදින සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක්ද සංවිධාන කර ඇති බවය.

(Aruna)