Wednesday, July 09, 2025
Follow Us
විදෙස් ශ්‍රමිකයන් නිරෝධායනයට අළුත් මධ්‍යස්ථාන

මෙරටට පැමිණෙන විදෙස්ගත ශ්‍රමිකයන් නිරෝධායනය කිරීම සඳහා නිරෝධායන මධ්‍යස්ථාන අටක් සති දෙකක් ඇතුළත ආරම්භ කරන බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේය.

සෑම දිස්ත්‍රික්කයකම හෝටලයක් හෝ නේවාසික පහසුකම් ඇති ස්ථානයක් කුලියට ගෙන නිරෝධායන මධ්‍යස්ථානයක් බැගින් පිහිටුවීමට කටයුතු යොදන බවත්, ඉන් පළමු මධ්‍යස්ථාන අට මෙසේ සති දෙකක් තුළ ඇරැඹෙන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ඒ අනුව එම නව නිරෝධායනය මධ්‍යස්ථාන පිහිටුවීමට හඳුනාගත් ගොඩනැගිලි පිළිබඳ ලැයිස්තුව මේ වන විට කොවිඩ් මර්දන කාර්ය සාධක බළකායේ ප්‍රධානී යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත යොමුකර ඇත.

මෙම මධ්‍යස්ථානවල සියලු වියදම් දරන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසිනි. විගමනිකයන් ගෙන්වා ගැනීමේ දී ප්‍රමුඛත්වයක් ලබා දෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් රැකියා සඳහා ගිය අයට බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

(Aruna)