Wednesday, July 09, 2025
Follow Us
විදෙස් රටවල සිට පැමිණි 83 දෙනෙක් ඇතුළුව කොවිඩ් ආසාදිතයින් 331ක්. සමස්තය 88238 දක්වා ඉහළට

මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 88238ක් දක්වා ඉහළ නැඟ තිබේ.

ඒ, ඊයේ (15) දිනය තුළ හඳුනාගත් නව ආසාදිතයින් 331 දෙනෙකු සමගය. ඔවුන් අතරින් 83 දෙනෙකුම විදෙස් රටවල සිට පැමිණි අය වීම විශේෂත්වයකි. ඊට අමතරව පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් වශයෙන් 225 දෙනෙකු සහ බන්ධනාගාර පොකුරෙන් 23 දෙනෙකු වශයෙන් ආසාදිතයින් හඳුනාගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2737ක් දක්වා අඩුවී ඇති අතර සුවය ලබා පිටව ගිය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 84969ක් වේ.

(LNW)