රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ඊයේ(16) පැවති මාධ්‍යය සාකච්ඡාවකදී පවසා සිටියේ කොවිඩ් වෛරසය පැතිර යෑම පාලනය සඳහා අප්‍රේල් මාසයේදී සංචරණ සීමා පැනවීම සුදුසු බවයි.
එහිදී ඒ මහතා වැදිදුරටත් පවසා සිටියේ එළඹෙන අප්‍රේල් අවුරුදු සමයේ කොළඹ සංචරණය වැඩිවුවහොත් නැවතත් ආසාදිතයින් ගණන ඉහළ යා හැකි බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සමන්ත ආනන්ද මහතා, “එළඹෙන අප්‍රේල් මාසය ගතහොත් සාමන්‍යයෙන් රටේ අනෙක් ප්‍රදේශවලින් විශාල වශයෙන් ජනතාව කොළඹට පමිණෙන මාසයක්. මෙවරත් එය එසේ වුවහොත් කොවිඩ් වෛරසය පැතිරීම නැවත වතාවක් උත්සන්න වීමේ තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා සංචරණ සීමා පැනවීම ඉතාම අවශ්‍යයි. අපි අවධාරණය කරන්නේ නිරෝධායනය ගැන තීන්දු තීරණ ගත යුත්තේ විද්‍යාත්මක තොරතුරු මත පදනම්ව යන කාරණයයි.” යනුවෙන් පැවසුවේය.
(Lanka Leads)