කොළඹ නගර සීමාවේ වයස අවුරුදු 60ට වැඩි ජ්‍යේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් කොවිඩ් එන්නත ලබාගැනීමට පහසු වේලාවක් ස්වයංක්‍රීයව වෙන්කර ගැනීමට පහසුකම් ඇතැයි කොළඹ මහ නගර සභාව සදහන් කරයි.
කොළඹ නාගරික කොමසාරිස්වරයා සදහන් කළේ එම සේවාව නොමිලේ ලබාදෙන බවයි.
මේ සදහා කොළඹ මහ නගර සභා වෙබ් අඩවියෙන් (www.colombo.me.gov.lk) හෝ e-channelling.com වෙබ් අඩවියෙන් හෝ e-channelling ජංගම යෙදවුම මගින් වේලාවක් ස්වයංක්‍රීයව වෙන්කරවා ගත යුතු අතර, මේ වෙනුවෙන් කිසිදු අතරමැදියෙකු අවශ්‍ය නොවන බව ද කොළඹ නාගරික කොමසාරිස්වරයා නිවේදනයක් මගින් වැඩිදුරටත් සදහන් කරයි.
(Aruna)