නඩත්තු කටයුත්තක් සඳහා ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය සඳහන් කර තිබේ.
මේ අනුව මින්නේරිය – මින්නේරිය නගරය, රොටවැව, රජඇල, මුවන්පැලැස්ස, රජඇලගම, පුරණගම, මිනිහිරිගම, සී.පී.පුර සහ බටුඔය ප්‍රදේශවලට හෙට පැය 12ක කාලයක් අත්හිටුවනු ඇති.
එසේම කොතලාවල, ගිරිතලේ, සමගිපුර, අග්බෝපුර, බුබුල, බත්ගම්පත්තුව, රත්මලේ සහ ගිරිතලේ ජනපදයට ද හෙට උදෑසන 9.00යේ සිට ජල සැපයුම අත්හිටුවනු ඇති.
මේ අතර හිඟුරක්ගොඩ නගරය, පාලුවැව, දොරදෙක, සාමපුර, කිඹුලාවල, ගම් උදාව, හතමූණ, බෝගස්හන්දිය, ජයපුර සහ කුමාරගම යන ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවනු ලැබේ.
තවද’ බැඳිවැව, සරණ සිරිගම, යාය හතර, යාය තුන, මාලකපුර, නිකවැව, සුදුකන්ද සහ තඹලවැව ප්‍රදේශවලටද එම කාලය තුලම ජල සැපයුම අත්හිටවන බව ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය සඳහන් කරයි.
(Aruna)