වහාබ්වාදය සහ මුස්ලිම් අන්තවාදය දරුවන්ට උගන්වන මද්‍රසා පාසල් පිළිබඳව මේ වනවිට පුළුල් විමර්ශනයක් සිදුකර එවැනි පාසල් 2000 ක් රට පුරා ස්ථාපිත කර තිබෙන බවට හඳුනාගෙන ඇති බවත් එම මද්‍රසා පාසල් 2000 තහනම් කිරීමට අවශ්‍ය ක‍්‍රියා මාර්ග ගෙන ඇති බවත් මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා ප‍්‍රකාශ කර ඇත.
මෙවැනි අන්තවාදී අදහස් උගන්වන පාසල් පැවතුනහොත් ඉදිරියේදී රටේ ආගමික අන්තවාදී, ජාතිවාදී කලබල ඇතිවීමට ඉඩ ඇති අතර ජාතීන් අතර විශාල අසමගියක් ඇතිවීමට ද ඉඩ ඇති බව ඒ මහතා පවසා සිටියි.
මේ හේතුව නිසා ජාතිවාදය, වාහබ්වාදය උගන්වන පාසල් රටේ නොතිබිය යුතුය යන ස්ථාවරයේ තමන් පසුවන බව කී සරත් වීරසේකර මහතා මෙවැනි පාසල් ඉදිරියේදී බිහිවීමට ඉඩ නොතබන බව ද පවසා සිටියේය.
(දිවයින පුවත්)