Wednesday, July 09, 2025
Follow Us
මෙරට හත් ලක්ෂ හැත්තෑදහසකට අධික පිරිසකට කොවිඩ් එන්නත ලබාදී අවසන්

මෙරට පුද්ගලයින් 773,011 දෙනෙකුට මේවනවිට කොරෝනා මර්දන එන්නත ලබාදී ඇතැයි වංසගත රෝග විද්‍යා අංශය පවසනවා. ඊයේ දිනයේදී පමණක් මෙරට පුද්ගලයින් 2,603 දෙනකුට කොරෝනා මර්දන එන්නත ලබාදී ඇති බවයි වංසගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 282 දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් මේවනවිට වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 87,907 ක්. ඉන් ආසාදිතයින් 84,648 දෙනෙකු මේවනවිටත් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් අවසන්. ආසාදිතයින් 2,732 දෙදෙනෙකු රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මේ අතර ඊයේ දිනයේදී මෙරටින් තවත් කොරෝනා මරණයක් වාර්තා වුණා. ඒ අනුව මේවනවිට මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 527 ක්.

(Neth)