දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වන කොවිඩ් - 19 වෛරස් ප්‍රභේදය මේ වන විට ශ්‍රී ලංකාවේ හදුනාගෙන ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පමණක් බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන විශේෂඥයින් පවසනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර නෙත් නිවුස් වෙත කියා සිටියේ සමාජයේ වෙනත් ප්‍රදේශවලින් මෙම වෛරස් ප්‍රභේදය වාර්තා වී නොමැති බවයි. එමෙන්ම දැනට නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පමණක් මෙම වෛරස් ප්‍රභේදය සහිත රෝගීන් හදුනාගෙන ඇති බැවින් එය සමාජ ගත විමට ඇති ඉඩකඩ ඉතා අවම බව වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පැවසුවා.
කෙසේවෙතත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි වෛද්‍ය පද්මා ගුණරත්න උපුටා දක්වමින් නෙත් නිවුස් ඊයේ පස්වරුවේ අනාවරණය කළේ දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වන කොවිඩ් - 19 වෛරස් ප්‍රභේදය මෙරට ව්‍යාප්ත වුවහොත් නව කොවිඩ් රැල්ලක් රට තුළ ඇතිවීමේ අවදානමක් පවතින බවයි.
එබැවින් මෙම වෛරස් ප්‍රභේදය ව්‍යාප්ත වීම පාලනය අත්‍යාවශය කටයුත්තක් බව ඇය කියා සිටියා. මෙම වෛරස් ප්‍රභේදය මේ වන විට ව්‍යාප්තවන වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින්ටද ආසාදනය වීමට හැකි බවත් එන්නතෙන් ලැබෙන ප්‍රතිශක්තීකරණයට එය ඔරොත්තු නොදෙන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි වෛද්‍ය පද්මා ගුණරත්න පැවසුවා.
මේ අතර කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 314 දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගත් බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව කොවිඩ් - 19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 87,599ක් දක්වා ඉහළ ගියා.
කෙසේවෙතත් ඉන් 84,253ක්ම මේ වන විටත් සුවය ලබා අවසන්. කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ වාර්තාවන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව ද 526ක් දක්වා ඉහල ගොස් ඇති බවයි.
(NEth)