Wednesday, July 09, 2025
Follow Us
කොවිඩ් තුන්වන රැල්ලක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

කොවිඩ් තුන්වන රැල්ලක් ආරම්භ වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.

එළඹෙන උත්සව සමයේදී ජනතාව කොවිඩ් වසංගතයෙන් බේරාගැනීම සදහා රජයක් ලෙස නිසි ප්‍රතිපත්තිමය තීරණ ගෙන ක්‍රියා කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

බ්‍රසීලය වගේ රටවල්වල බලාපොරොත්තු නොවන ආකාරයෙන් කොවිඩ් -19 ආසාදනය ඉතාම සීඝ්‍රයෙන් පැතිර යමින් තියෙන අවස්ථාවක අපි පාස්කු උත්සවය හා නව අලුත් අවුරුදු උත්සවය සමරන්න සැරසෙන අතර රජය හා සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි මාර්ගෝපදේශ හදලා කටයුතු කරේ නැතිනම් අපිට අලුත් අවුරුද්දෙන් පසු තුන්වන කොවිඩ් රැල්ලක මහා ව්‍යසනයකට මුහුණදෙන්න සිදුවන බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.

උත්සව සමයේදී සංචරණ සීමා පැනවීමට රජය ප්‍රතිපත්තිමය තීරණ නොගතහොත් මැයි මාසය අග සහ ජුනි මාසය වනවිට තුන්වන කොවිඩ් රැල්ලක් රට තුළ ඇතිවීමේ දැඩි අවදානම් තත්වයක් උද්ගතවනු ඇති බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.

(Aruna)