කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියානු සමාගමක් සමග එක්ව සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ක්‍රමානුකූලව අවශ්‍ය අනුමැතීන් ලබාගැනීම මේ වනවිට සිදුකෙරෙමින් පවතින බවත් නීතිපතිවරයාගේ අනුමැතිය ලැබුණු පසුව මීට අදාළ ජාත්‍යන්තර ගිවිසුම අත්සන් තැබෙන බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, විශ්‍රාමික ජනරාල් දයා රත්නායක මහතා පවසයි.
"ඉන්දියානු සමාගමක් සමග කටයුතු කරන්නට අපට නියෝග ලැබිලා තිබෙනවා. ඒ අනුව අපි කටයුතු කරලා මේ වෙනකොට ඒ අයත් එක්ක සාකච්ඡා කරලා එහි කටයුතු සෑහෙන දුරට අහවර කරලා තියෙනවා. ඉදිරියේදී තියෙන්නෙ ක්‍රමානුකූලව අනුමැතිය අරගෙන, නීතිපතිවරයාගේ අනුමැතිය ගන්න තියෙනවා. ඒ කටයුතු තමා මේ වෙනකොට සිදුවෙන්නේ. ඒවා ආවාම නැවත රජයට අපේ යෝජනා ඉදිරිපත් කිරීමයි සිදුවෙන්නෙ. ඉන් පස්සෙ ජාත්‍යන්තර වශයෙන් ඒ ගිවිසුම අත්සන් කරලා ඒ කටයුතු සිදුකිරීමේ කටයුතු තමයි මේ වෙනකොට සිදුවෙමින් තිබෙන්නෙ.
කැබිනට් එකෙන්ම කියලා තියෙනවා මේක 85%ක් ආයෝජනය කරන කණ්ඩායමටත් ඒවගේම 15%ක් වරාය අධිකාරියටත් අයිති වෙන හැටියට තමයි මේ කටයුතු සිද්ධ වෙන්නෙ.
මේ අවුරුද්ද මැද වෙනකොට මේවා ආරම්භ කරන්න ඕනෙ. මොකද අවුරුදු පහක් හයක් තිස්සේ මේවා ප්‍රමාද වෙලා තියෙන්නෙ. මේක පටන් ගත්ත දවසේ ඉඳලා අවසාන වෙන්න අවුරුදු තුනක් විතර යයි කියලයි අපි බලාපොරොත්තු වෙන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
වරාය අධිකාරියේ සභාපතිවරයා මේ බව පැවසුවේ පෙරේදා (11) අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
(LNW)