Sunday, February 08, 2026
Follow Us
අප්‍රේල් 21 ප්‍රහාරයේ අවසන් වාර්තාවේ ඉතිරි වෙළුම් 22 නීතිපති දප්පුල ද ලිවේරාට ලබාදෙයි.

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාවේ වෙළුම් 65ක් පසුගිය මාර්තු 02 වැනිදා නීතිපතිවරයාට භාර දී තිබූ අතර ඉතිරි වෙළුම් 22 ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නීතිපති දප්පුල ද ලිවේරා මහතාට අද (12) දින භාර දී තිබේ.

මෙම අවසන් වාර්තාව වෙළුම් 87 කින් සමන්විතවේ.

ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර සිටින්නේ; අද භාර දුන් වෙළුම් 22 හි කොමිසම හමුවේ සාක්ෂිකරුවන් ලබාදුන් සාක්ෂි සහ අධිසංවේදී කරුණු ඇතුළත් බවයි.

(Lanka Leads)