අන්තර්ජාලය මගින් භාණ්ඩ අලෙවි කරන ලොව ප්‍රමුඛ ආයතනයක් වන ඇමසන් ආයතනය ශ්‍රී ලංකා ජාතික කොඩිය සහිත පාපිස්නාවක් (Doormat) වෙළෙඳපළට නිකුත් කර තිබෙනවා.
ඇමරිකාවේ වොෂින්ටනය මූලස්ථානය කරගත් ‘ඇමසන්’ ආයතනයේ amazon.com වෙබ් අඩවිය ඇමරිකානු ඩොලර් දොළහකට එය මිලකර ඇති බවයි එම වෙබ් අඩවියේ දැක්වෙන්නේ.
අන්තර් ජාලය මගින් ලොව පුරා භාණ්ඩ විකුණන මෙම ආයතනය සිංගප්පූරුවේ සිට මෙම පාපිස්න ලොව පුරා බෙදා හැරීම කරන අතර මෙරටට එවීම සඳහා ඇමරිකානු ඩොලර් 9.20ක නැව් ගාස්තුවක්ද අයකරන බව සඳහන් කර ඇත.
මේ අතර ශ්‍රී ලංකා ධජය සහිත පාවහන් ද අමෙරිකානු ඩොලර් 20.20 ක මුදලකට අලෙවි කිරීමට එම වෙබ් අඩවිය විසින් තබා ඇත.
(Neth)