ආසාදිතයින් වාර්තා වීම පහළ ගොස් ඇත්තේ බස්නාහිර පළාත තුළ සිදුකරන පී.සී.ආර් පරීක්ෂණ ප්‍රමාණය අඩුවීමත් සමග බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති, උපුල් රෝහණ මහතා පවසයි.
සමාජයේ ආසාදිතයින් නොමැති යැයි එම දත්ත උපයෝගි කරගෙන පැවසිය නොහැකි බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා පෙන්වාදෙයි.
මරණ ඉහළ යෑම තුළින් සමාජයේ ආසාදිතයින් සිටින බව නිගමනය කළ හැකි බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කරයි.
යම් තරමකට රෝගීන් අඩුවීමක් පෙන්නුම් කළත් සමාජයේ වයස්ගත ජනතාව අතර මේ රෝගය පැතිරිලා තිබෙන බව ඒ මහතා සඳහන් කරයි.
එම නිසා එන්නත මත යැපී නොසිට එන්නත ලබාදෙන ගමන් සමාජය පවතින ආකාරය ගැන අවබෝධයක් ලබා ගැනීම සඳහා සැක සහිත ස්ථානවල අහඹු පී.සී.ආර් පරීක්ෂණ සිදු කරමින් නිසි අවබෝධයක් ලබා ගත යුතු බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා පෙන්වාදෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය, රජය හා මහජනතාව එන්නත මඟින් සියලු ගැටලු විසඳෙන බව සිතමින් කටයුතු කිරීම නිසා යම් අර්බුදකාරී තත්ත්වයකට කොවිඩ් -19 තල්ලුවෙමින් තිබෙන බව ඔහු පවසයි.
එන්නත්කරණයේ දී තවදුරටත් බරපතළ ගැටලු රැසක් පවතින බවත් කොළඹ මහනගර සභා සීමාවේ ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය දිගින් දිගටම එන්නත් ලබාදීමේ ක්‍රියාවලියට බලපෑම් එල්ල කරන බවත් ඉදිරියේ දී අවබෝධයෙන් එම කටයුත්ත නොකළහොත් බරපතළ තත්ත්වයක් ඇති විය හැකි බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
(Aruna)