Thursday, July 10, 2025
Follow Us
විදුහල්පති පුරප්පාඩු පිරවීමේ කැබිනට් පත්‍රිකාවකට වෘත්තීය සමිතිවලින් විරෝධය

සේවා ව්‍යවස්ථා උල්ලංඝණය කරමින් ශ්‍රි ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයට පන්දහසකට ආසන්න පිරිසක් බදවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරමින් ඇතැයි වෘත්තීය සමිති චෝදනා කරනවා. ඊට අදාළ කැබිනට් පත්‍රිකාවන් ඉදිරිපත් කර අනුමැතිය ද ලබාගෙන ඇති බවයි ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමයේ ලේකම් නීල් එස් අතුකෝරළ නෙත් නිවුස් වෙත කියාසිටියේ.

මෙම තීරණය හකුලා ගැනීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු නොකලහොත් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවද ඔහු සදහන් කළා.

(Neth)