Sunday, February 08, 2026
Follow Us
තවත් කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මේ මස දිවයිනට

රජය විසින් ඇණවුම් කළ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මෙම මස තුළ දිවයිනට ලැබෙන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ ඉතිරි එන්නත් මාත්‍රා ලක්ෂ 05 ලබන මාසයේදී මෙරටට ලබාදීමට අදාළ සමාගම එකගත්වය පළ කර ඇති බවයි.

රජය විසින් ඉන්දියාවේ සීරම් සමාගමෙන් කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා මිලියන 1.5ක් ඇණවුම් කර ඇත.

ඉන් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මේ වන විට මෙරටට ලැබී තිබේ.

මෙලෙස ලැබෙන එන්නත් මාත්‍රා කොවිඩ් මර්ධනය කිරීමේ වැඩසටහන යටතේ එන්නත් ලබාදීම අඛණ්ඩව සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

(Aruna)