Thursday, July 10, 2025
Follow Us
පාස්කු වාර්තාවේ නිර්දේශ පිළිගන්නවා – කතෝලික රදගුරු මණ්ඩළය

ප්‍රහාරයට සෘජුව වගකිව යුත්තත් ආධාර අනුබල දුන් පිරිස් සහ තම රාජකාරි නොතකා ක්‍රියා කළ පිරිස් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට නීතිපතිවරයාට බලතල සහ නිදහස ලබාදෙන ලෙස අවධාරණය කරමින් ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ නිර්දේශ පිළිගන්නා බව කතෝලික රදගුරු මණ්ඩළය ඊයේ (09) දින පස්වරුවේ නිවේදනය කර තිබේ.

දැනටමත් රඳවාගෙන ඇති ඉතිරි සංවේදි ලියකියවිලි 22 නීතිපතිවරයාට ලබාදෙන ලෙස ද වගකිවයුතු පාර්ශව සම්බන්ධයෙන් වාර්තාවේ සඳහන් නිර්දේශ ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන ලෙස ද කතෝලික රදගුරු මණ්ඩලය වැඩිදුරටත් රජයෙන් ඉල්ලා ඇත.
(Lanka Leads)