Sunday, February 08, 2026
Follow Us
උතුරු මැද පාසල්වල සිසුවියන්ගේ වකුගඩු අවදානමේ

උතුරු මැද පළාතේ බහුතරයක් පාසල්වල වැසිකිළි පහසුකම් නොමැතිකමින් පාසල් සිසුන් වකුගඩු රෝගීන් වීමේ අවදානමට ලක්ව ඇති බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය ඇමැති චන්න ජයසුමන පැවැසුවේය.

මෙම අවදානමට වැඩි වශයෙන් මුහුණපා සිටින්නේ වයස අවුරුදු 10 – 15 අතර වයසේ පසුවන පාසල් ශිෂ්‍යාවන්ය.

පාසල්වල වැසිකිළි පහසුක් නොමැති බැවින් ශිෂ්‍යාවන් තම ශරීර කෘත්‍ය කිරීමට මැලි වන බවත් එබැවින් ඔවුන් පාසල පැවැත්වෙන කාලයේ වතුර පානය කරන්නේ ඉතාමත් අවම වාර ගණනකදී බවත් හෙතෙම පැවසීය.

කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන රාජ්‍ය සේවා අමාත්‍යාංශයෙන් සංවිධානය කර තිබූ කාන්තා දින සැමරුම් උත්සවයකට එක්වෙමින් ඇමැතිවරයා ඊයේ (09 වැනිදා) මේ බව පැවැසීය.

(Aruna)