Saturday, July 12, 2025
Follow Us
දඹුල්ලේ ඉඩම සම්බන්ධයෙන් ඉදිරියේදී නිල ප්‍රකාශයක් කරනවා-කුමාර සංගක්කාර

ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර මහතා සහ ඔහුගේ බිරිඳ සම්බන්ධකර මේ දිනවල ප්‍රචාරය වන දඹුල්ලේ ඉඩමක් පවරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේ දී නිල ප‍්‍රකාශයක් නිකුත් කරන බව කුමාර් සංගක්කාර මහතා පවසා සිටී.

එහිදී ඔහු පවසා සිටියේ,තනි තනි පුද්ගලයන්ට අදහස් පල කිරීමේදී ගැටළු ඇති විය හැකි නිසා ඉදිරියේදී නිල නිවේදනයක් නිකුත් කරන බවයි.

සංගක්කාර මහතා අවධාරණය කර සිටියේ සිදුවීම සම්බන්ධව ඉඩම් කොමසාරිස්වරයාට මුලින්ම පැමිණිලි කෙළේ තමන් බවත් ඒ සම්බන්ධයෙන් ඉඩම් කොමසාරිස් විසින් නිකුත් කර ඇති ලිපියෙන් ද තහවුරු වන බවයි.

ඔහුට අනුව අදාළ ඉඩම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළේ ද ඔහුගේ පැමිණිල්ල මතය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සංගක්කාට මහ්තා පවසා සිටියේ තමන් සද්ද නැතිව හිටියා නම් කිසිවකු මේ ගැන නොදන්නා බවත් එය රහසක් ලෙස අවුරුදු ගාණක් පැවැත්වෙනු ඇති බවත්ය.

සංගක්කාර මහතාට අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලේ පරීක්ෂණ සිදුකර අවසන් වී ඇති අතර පැමිණිල්ල සම්බන්ධයෙන් සහ තවත් ලේඛන ඔහු සතුව පවති.

(Lanka Leads)