එක් පුද්ගලයෙකු සදහා දිනකට නිර්දේශිත ලූණු ප්‍රමාණය මෙන් දෙතුන් ගුණයක් වැඩිපුර පරිභෝජනය කිරීම, ශ්‍රී ලංකාවේ ප්‍රබල සෞඛ්‍ය ගැටලූවක් බවට පත්ව ඇතැයි වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. එක් පුද්ගලයෙක් සදහා දිනකට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති ලූණු ප්‍රමාණය ග්‍රෑම් 5ක්. එහෙත් ශ්‍රී ලංකාවේ එම ප්‍රමාණය දිනකට ග්‍රෑම් 9 සිට 12 දක්වා ඉහළ අගයක් ගන්නා බවයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස සදහන් කළේ.
අධික ලූණු භාවිතය අධික රුධිර පීඩනය ඇති වීමට ප්‍රධානම හේතුවක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත කරුණාපේම සදහන් කළේ.
මෙරට සිදුවන මරණවලින් සියයට 83ක් බෝ නොවන රෝග නිසා සිදු වනවා. ඉන් සියයට 34ක් හෘදය හා රුධිරවාහිනි සම්බන්ධ රෝග තත්ත්වයන් නිසා ඇති වන බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. ඒ අනුව එම මරණ සිදුවන්නේ අධික රුධිර පීඩනය, හෘදයාබාධ සහ ආඝාතය හේතුවෙන්. ලූණු භාවිතය අවම කිරීම තුළින් වසරකට ලෝකයේ සිදුවන මරණවලින් මිලියන 2 යි දශම 5ක් අඩු කර ගත හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් සිව් දෙනෙකුගෙන් එක් අයෙක් අධිරුධිර පීඩනය හේතුවෙන් හෘද්‍යාබාධය හා ආඝාතය ඇතිවීමේ අවදානමක පසු වනවා. අධිරුධිර පීඩනය, ඖෂධ භාවිතය හා ජීවන රටාවේ ඇති කරන වෙනස්කම් මගින් මෙම තත්ත්වය පාලනය කළ හැකි බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. ලූණු භාවිතය පිළිබද ජනතාව දැනුවත් කිරීම සදහා ජාත්‍යන්තර සතියක්ද මේ වන විට ක්‍රියාත්මකයි.
(Neth)