Saturday, July 12, 2025
Follow Us
සීගිරියේ වටිනා ඉඩම් නීති විරෝධි අයුරින් ලබා ගැනීම ගැන සංගා කතා කරයි

සිගිරිය ප්‍රදේශයේ වටිනා ඉඩම් නිීති විරෝධි අයුරින් ලබා ගෙන ඇති බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පළමුවරට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ, සිය නිල ෆේස්බුක් ගිණූමේ සටහනක් තබමින්.

එම ෆේස්බුක් සටහනේ දැක්වෙන්නේ අදාළ ඉඩම් ගනුදෙනුව සම්බන්ධයෙන් සැබෑ තොරතුරු ඉතා ඉක්මනින් හෙළි කරන බවයි.

සිය බිරිඳ සම්බන්ධ එම පුවත අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වෙමින් ඇති අතර එම පුවත ද්වේෂ සහගත සහ අසත්‍ය බවයි කුමාර් සංගක්කාර සිය ෆේස්බුක් සටහනෙන් පෙන්වා දෙන්නේ.

කුමාර් සංගක්කාර හා ඔහුගේ බිරිඳ වන යෙහාලි සංගක්කාර විසින් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කළ කරුණු පැහැදිළි කිරීමේ ලිපියක් පිළිබඳව ද නෙත් නිවුස් ඊයේ වාර්තා කළා.

එම ලිපිය මගින් යෙහාලි සංගක්කාර පවසා ඇත්තේ බැඳීම්වලින් තොරව ඉඩම් මිලදී ගැනීම ආරම්භ කළේ ඒවා සංවර්ධනය කිරීමේ අදහස ඇතිව බවයි.

(Neth)