Saturday, July 12, 2025
Follow Us
ආඩිගම ඇඟලුම් කම්හලක 18ක් ආසාදිතයි

ආණමඩුව – ආඩිගම ප්‍රදේශයේ පවත්වාගෙන යනුලබන ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් කොවිඩ් ආසාදිත පුද්ගලයන් 18ක් වාර්තා වී තිබේ.

ආසාදිතයින් ආණමඩුව, ආඩිගම සහ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. පසුගිය 05 වැනිදා පී.සී.ආර් පරීක්ෂණ සිදුකර ඇති අතර එහිදී ආසාදිත පිරිස සොයාගෙන ඇත.

අවස්ථා 04ක දී කර්මාන්ත ශාලාවේ සේවය කරන පිරිසගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකර ඇති අතර සෙසු සේවක පිරිසගේ ජෛව සාම්පල ලබා ගැනීම ද සිදුකරන බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කරයි.

කර්මාන්ත ශාලාව වසා දැමීමට හැකියාවක් නොමැති බව පෙන්වාදෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කරන්නේ පවත්වාගෙන යෑමට අවස්ථාව දී රෝගය පාලනය කිරීමට පියවර ගනිමින් ඇති බවය.

(Aruna)