අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජයෙන් ලබාදෙන ඉඩම් හිමිකම භාවිතා කරමින්, සීගිරිය ප්‍රදේශයේ අක්කර 02 ක රජයේ ඉඩමක් වංචා සහගතව අත්පත් කර ගැනීම සම්බන්ධයෙන්, හිටපු සුපරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ බිරිඳට චෝදනා එල්ල වී තිබෙනවා.
පෙරේදා පැවති මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇති අතර ඒ අනුව මෙම වංචාව පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා බළධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එසේම අදාල ඉඩම වෙනුවෙන් ලබා දී ඇති ඔප්පුව අවලංගු කරන ලෙසද උපදෙස් ලබා දී තිබේ.
රාජ්‍ය නිළධාරීන් දෙදෙනෙකුද මෙම දූෂිත ගනුදෙනුව සඳහා සම්බන්ධ වී ඇති අතර ක්‍රිකට් ක්‍රීඩකයාගේ බිරිඳගේ ඥාතියෙකුගේ නමට ඉඩම ලබාගෙන තිබේ. ඒ සඳහා අදාල ඥාතියා ඉදිරිපත් කර ඇති ලේඛන ව්‍යාජ ලෙස සකස් කර ඇති අතර ජාතික හැඳුණුම්පතද ව්‍යාජව සකස් කළ එකක් බවයි වාර්තා වන්නේ.
මේ වනවිටත් මෙම කූට ගනුදෙනුවට සම්බන්ධ ග්‍රාම නිළධාරීවරයාගේ සේවය අත්හිටුවා තිබෙනවා. මෙම ග්‍රාම නිළධාරියාගේ දරුවෙකු මහනුවර ප්‍රදේශයේ උසස් පාසලකට ඇතුළත් කර ඇති අතර ක්‍රිකට් ක්‍රීඩකයාගේ මැදිහත්වීම මත එය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ලොව ප්‍රමුඛතම මෙන්ම ගෞරවනීයම ක්‍රිකට් ක්‍රීඩා සමාජයක සභාපතිවරයා ලෙසද කටයුතු කරන ලෝකපූජිත ක්‍රිකට් ක්‍රීඩකයාගේ සම හිමිකාරීත්වය සතු සුපිරි අවන්හලක් කොළඹ ප්‍රදේශයේ පවත්වාගෙන යන අතර ඊට අමතරව තවත් ව්‍යාපාර ගණනාවක හිමිකරුවෙකි. එසේම ඔහු තවමත් වෙළඳ දැන්වීම් හරහා ලක්ෂ ගණන් උපයා ගන්නා පුද්ගලයෙකි.
එසේ තිබියදී, අසරණ පවුල් වෙනුවෙන් රජය ආරම්භ කර ඇති සුභසාධන වැඩපිළිවෙලක් භාවිතා කරමින් ඉඩම් අක්කර දෙකක් පිනට ලබා ගැනීමට තරම් ඔහුගේ බිරිඳ අන්ත දුගී, දුප්පත් තත්වයට පත්වූයේ කෙසේද යන්න ගැටලුවකි.
(LNW)