Saturday, July 12, 2025
Follow Us
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා GMOA යෝජනා 10ක්

නව ව්‍යවස්ථා සම්පාදනය සඳහා පත්කර ඇති කොමිෂන් සභාව වෙත නව යෝජනා 10ක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කර ඇත.

සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදේණිය මහතා සඳහන් කලේ සෞඛ්‍ය විෂය මධ්‍යම රජය යටතේ පමණක් බලපැවැත්විය යුතු බවට යෝජනා කර ඇති බවයි

රටට වැදගත් යෝජනා 10ක් ඉදිරිපත් කළ බවත්, ලංකාව වෙළෙඳ ගිවිසුම්වලට එළඹීමේදී ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියට අනුකූලව පමණක් සිදුවිය යුතු බව මෙන්ම අවසානයේ සම්මත කිරීම ජනමත විචාරණයකින් පමණක් සිදුකළ යුතු බවත් සඳහන් කර තිබේ.

(Aruna)