Saturday, July 12, 2025
Follow Us
ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 360ක් වාර්තා වෙයි

මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 85,336 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ දිනයේද, අලුතින් ආසාදිතයින් 360 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. කෙසේවෙතත්, සමස්ථ ආසාදිතයින්ගෙන් 81,769 දෙනෙකු දැනටමත් සුවය ලබා අවසන්. ඒ අනුව තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 3,074 දෙනෙකු පමණයි.

මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව ද ඊයේ 497 ක් දක්වා ඉහළ ගියා. ඒ, තවත් කොරෝනා මරණ 04 ක් වාර්තාවීමත් සමගයි. ඒ අතරට කාන්තාවන් දෙදෙනෙකු ද අයත්. ඔවුන් දෙමටගොඩ, කොලොන්නාව සහ බත්තරමුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ අතර කොඩිඩ් මර්දනයට දායකත්වය දක්වන යුද්ධ හමුදාවේ මුල්පෙළ ක්‍රියාකාරිකයින් 62,000 කට ඊයේ වනවිට කොරෝනා මර්ධන එන්නත් ලබාදී තිබුණා.

මේ අතර මෙරට ප්‍රවීණ ගායන ශිල්පීන් කිහිපදෙනෙකුට ද ඊයේ කොරෝනා මර්දන එන්නත ලබාදී තිබූ අතර අමරසිරි පීරිස්, සේනානායක වේරලියද්ද, ජානක වික්‍රමසිංහ සහ කරුණාරත්න දිවුල්ගනේ එම ශිල්පීන් අතරට අයත්.

(Neth)