Saturday, July 12, 2025
Follow Us
ඩොලර් බිලියන 1ක් වන විශාලතම තනි ණය වාරිකය ගෙවීමට ඇති දිනය 2021 ජූලි 27

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2020 නොවැම්බර් මස අවසානය වන විට මධ්‍යම රජය විසින් ගෙවිය යුතු සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 14,817.7 ක් ලෙසින් වාර්තා වන අතර එයින් රු. බිලියන 6,393.7 ක් විදෙස් ණය ලෙස සටහන්ව තිබේ.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටින්නේ අහිතකර සමපේක්ෂණයන් මධ්‍යයේ වුවද, 2021 වසරේ මේ දක්වා කාලය තුළ දී රජයේ සියලුම ණය සේවාකරණ වගකීම් නිසි පරිදි සපුරා ඇති බවයි. එසේම ඉදිරියේදී ද ණය සේවාකරණයේ නොකැළැල් වාර්තාව පවත්වා ගැනීමට රජය කැපවී කටයුතු කරණ බවද මහ බැංකුව අවධාරණය කරයි.

පසුගිය 04 වනදා පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකුවේ, රාජ්‍ය ණය දොපර්තමේන්තුවේ අධිකාරී, ආචාර්ය එම්. ඉසෙඩ්. එම්. ආසිම් මහතා අනාවරණය කළේ මීළගට ගෙවීමට ඇති විශාලතම තනි ණයවාරිකය ගෙවීමට ඇති දිනය 2021 ජූලි 27 දිනය බවය.

එහිදී කාසිම් මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් “ණය වාරික ගෙවීම් නිරන්තරයෙන් සිදුවෙනවා. මූල්‍ය වර්ෂය පුරාවට විවිධ කාලප්‍රාන්තර යටතේ ණය වාරික ගෙවීම සිදුවෙනවා. මීළඟට විදේශ ණය සම්බන්ධයෙන් විශාලම වාරිකය ගෙවීමට ඇති දිනය ලෙසින් 2021 ජූලි 27 හඳුන්වන්න පුළුවන්. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් එදිනට කල්පිරෙනවා. එය ඩොලර් බිලියන 1 ක වටිනාකමකින් යුක්තයි.“ යනුවෙන් පැවසුවේය.

(Lanka Leads)