Saturday, July 12, 2025
Follow Us
මාර්තු 7වනදායින් ඇරඹෙන සාමකාමී විරෝධතාවය අප්‍රේල් 21 වන විට වඩාත් තීව්‍ර කරනවා

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණෝ පසුගියදා මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ වසර දෙකක් තිස්සේ 269 දෙනෙකු ඝාතනයට වග කිව යුතු අය සොයා ගැනීමට ආණ්ඩුව කටයුතු කරණු ඇතැයි කතෝලික ජනතාව ඇතුළු සාමකාමී ජනයා විශ්වාසය පළ කර සිටි නමුත් මේ වන විට එම විශ්වාසය පළුදු වී ඇති බවයි.

ඒ අනුව මූලික විරෝධතාවයක් ලෙස එළඹෙන මාර්තු 7වන ඉරුදින සාමකාමී විරෝධතාවයකට අවතීර්ණ වන බව උන්වහන්සේ අවධාරණය කර සිටියෝය.

එහිදී උන්වහන්සේ වැඩි දුරටත් පවසා සිටියේ ලබන අප්‍රේල් 21 වනදා වන විට ප්‍රහාරයට අවුරුදු 2ක් සම්පූර්ණ වන බවත් ඒ වන විටත් ප්‍රහාරයේ මහ මොළකරුවන් සොයා ගැනීමට විධිමත් විනිවිද පෙනෙන පරීක්ෂණ ක්‍රියාවලියක් ආරම්භ නොවුනහොත් මාර්තු 7 වනදා කළු ඇඳුම් ඇඳීමෙන් පවත්වන විරෝධතාවය සමස්ත ශ්‍රී ලංකාවේම යුක්තිගරුක ජනයාගේ නිවෙස්වල කළු කොඩි එසවීම දක්වා විරෝධතාවය තීව්‍ර කරන බවයි.

වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන් වහන්සේ, ආණ්ඩුවේ නායක කාරකාදීන් කෙරෙහි මෙන්ම ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය කෙරෙහි යම් ප්‍රසාදයක් තිබුණු නමුදු දැන් දැන් ආණ්ඩුව හැසිරෙන ආකාරය කෙරෙහි බලන විට කිසිදු ආකාරයක පැහැදීමක් නැති බව පවසා සිටියෝය.

උන්වහන්සේ පැවැත්වූ මාධ්‍යය සාකච්ඡාවේ වීඩියෝ දර්ශන පහතින්…

මීට කලින් කරපු ඝාතන යට ගැහුව වගේ පාස්කු ප්‍රහාරය යට ගහන්න දෙන්න බෑ”

(Lanka Leads)