Wednesday, May 01, 2024
Follow Us
තරුණියගේ හිස සොයා කැළණි ගඟේ මෙහෙයුමක්

කොළඹ වේල්ල වීදියෙන් ගමන් මල්ලක බහා තිබියදී සොයා ගත් කාන්තා මළ සිරුරේ හිස සොයා කැලණි ගඟ දෙපස පොලිසිය සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ පොලිස් නාවුක කොට්ඨාසයේ නිලධාරින් කැලණි මෝය කට පිහිටි මෝදර ප්‍රදේශයේ සිට හංවැල්ල දක්වා ප්‍රදේශය මෙම මෙහෙයුමේදී පරීක්ෂාවට ලක් කරන බවයි.

අදාළ කාන්තාව නිවසින් පැමිණීමේදී රැගෙන ආ බෑගය මෙතෙක් සොයා ගැනීමට නොහැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

එම යුවල නැවතී සිටි නවාතැන්පොළ හංවැල්ල – කොළඹ මාර්ගයේ කැලණි ගඟ ආසන්න ප්‍රදේශයක පිහිටා ඇති බවත් යම් හෙයකින් ඝාතක පොලිස් නිලධාරියා විසින් කාන්තාවගේ හිස ඇයගේ බෑගයේ දමා කැලණි ගඟට විසිකරන්නට ඇත්දැයි පොලිස් විමර්ශන කණ්ඩායම්වලට සැකයක් මතුවී ඇති බවද අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව මේ පිළිබඳව විශේෂ සෝදිසි කිරීමේ මෙහෙයුමක් (04) සවස 3.00ට ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

(Aruna)