Sunday, February 08, 2026
Follow Us
ජයසූරියට කොවිඩ් එන්නත දුන් අමාත්‍යාංශ ලේකම්වරයා ගැන තීන්දුවක් ගනී

සෞඛ්‍ය සේවා, වසංගත හා කොවිඩ් 19 රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරයෙන් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා ඉවත් කිරීමට විරෝධය පළ කරන බව නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සනත් ජයසූරියට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට මැදිහත් වීම විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා එම තනතුරෙන් ඉවත් කිරීමට හේතුවක් වී ඇති බවටයි වාර්තා පළ වන්නේ.

මෙරට සියළු පුද්ගලයින්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට තීරණය කර ඇත්නම් සනත් ජයසූරියට එන්නත ලබාදීම හේතු කරගනිමින් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා අදාළ ධූරයෙන් ඉවත් කිරීම සාධාරණ නොවන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)