Saturday, July 12, 2025
Follow Us
කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය පහළට

කොළඹ නගරයේ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව සිදුකරන ලද විද්‍යාත්මක සමීක්ෂණ මඟින් තහවුරු වී ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

එසේ වුවද මිනිසුන්ට තවමත් එය ගැටලුවක් වශයෙන් නොදැනෙන්නේ කොළඹ නගරය මුහුදට සමීපව පවතින නිසා සාගරයේ ප්ලවාංග නිකුත් කරන ඔක්සිජන් ගොඩබිමට ඉක්මනින් ළඟා වීම නිසා බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

එහෙත් ඉදිරි කාලය තුළ කොළඹ නගරයේ වාසය කරන ජනතාවට ඔක්සිජන් හිඟවීමේ ගැටළුවට පවා මුහුණදීමට සිදුවෙන බව ඊයේ(04) දින පරිසර අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවේදී අනාවරණය වී තිබේ.

කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය ඉහළ නැංවීම සඳහා කොළඹ නගරයට ගැළපෙන රුක් රෝපණය කිරීමේ අරමුණින් කොළඹ මහනගර සභාව විසින් ආරම්භ කර තිබෙන “කොළඹට ගසක් ඉතුරු කරමු” වැඩපිළිවෙළ හා පරිසර අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කර තිබෙන “හුස්ම දෙන තුරු” රුක් රෝපණ වැඩසටහන ඒකාබද්ධව කොළඹ නගරයේ ඉඩකඩ පවතින සෑම ස්ථානයකම රුක් රෝපණය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට මෙහිදී තීරණය කර ඇත.

කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය දිනපතා පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට එහිදී සැලසුම්කර ඇත.

(Aruna)