Saturday, July 12, 2025
Follow Us
බස් හිමියන්ට දුන් සහන තවත් හයමසකින් දීර්ඝ වෙයි

ණය ආපසු ගෙවීම්, පොලී අත්හිටුවීම් ඇතුළු බස් රථ හිමියන් වෙනුවෙන් ලබා දී ඇති අනෙකුත් සහන 2021 අප්‍රේල් මාසයේ සිට තවත් මාස හයක් සඳහා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව එකඟතාව පළ කර ඇත.

බස් හිමියන්ගේ සංගම් සහ මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල්ගෙන් මේ පිළිබඳ ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලමින් මහ බැංකුව මෙම තීරණය ගෙන තිබේ.

2021 සැප්තැම්බර් මාසයේදී මෙම සහන කාලය අවසන් වනතුරු ලීසිං පහසුකම් ලබාගෙන හිඟ වාරික පවතින වාහන අත්අඩංගුවට ගැනීම් වළක්වාලන ලෙස සියලුම පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලෙස පොලිස්පතිවරයා දැනුම් දී ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

(Aruna)