Sunday, February 08, 2026
Follow Us
අ.පො.ස සාමාන්‍ය පෙළට පෙනිසිටි පුද්ගලයක් පොලිස් අත්අඩංගුවට

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ විභාග අපේක්ෂකයකු ලෙස පෙනීසිටි පුද්ගලයකු මුලතිව් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයා මුලතිව් සීලාවත්ත විභාග මධ්‍යස්ථානයේ අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

සැකකරු පරසන්කුලම් නැදුන්කනී ප්‍රදේශයේ පදිංචි 27හැවිරිදි පුද්ගලයකු බව වාර්තා වේ.

මේ අතර කැකිරාව ප්‍රදේශයේද මඩාටුගම විභාග මධ්‍යස්ථානයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනීසිටි අපේක්ෂකකුට පහර දුන් පාසල් සිදුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පහරකෑ පාසල් සිසුවා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තාවේ.

(Aruna)