ගත වූ පැය 24ක කාලය තුළ ගුවන් යානා 27 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1736 දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
ගත වූ පැය 24 තුළ ගුවන් යානා 11කින් මගීන් 686 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
සෞදි අරාබියේ රියාද් සිට 105දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා සිට 70දෙනෙකු ද , සිංගප්පූරුවේ සිට 89දෙනෙකු ද ඒ අතර පැමිණ තිබේ.
පැමිණි ගුවන් මගීන් පිරිස නීරෝධායන ක්‍රියාවලිය සදහා යුද හමුදාව මඟින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.
එම කාලය තුළ ගුවන් යානා 16කින් මගීන් 1,050 දෙනෙකු විදෙස් රටවල් බලා පිටව ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අතර සෞදි අරාබියේ රියාද් වෙත 229දෙනෙකු ද , ඉන්දියාවේ චෙන්නායි වෙත 170දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා වෙත 108දෙනෙකු ද ගොස් ඇත.
(Aruna)