ගතවූ පැය 24 තුළ කිසිදු කොවිඞ් මරණයක් වාර්තා වී නොමැති බව කොවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පවසනවා. එවැනි දිනයක් වාර්තා වුයේ දින ගණනාවකට පසුවයි. කොවිඞ් දෙවන රැුල්ලේ ව්‍යාප්තියද සමග මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ථ මරන සංඛ්‍යාව 464ක්. එය මෙරටින් වාර්තාවන සමස්ථ ආසාදිතයින්ගෙන් සියයට 0.5ක්.
මෙරට තුළ සිදුව ඇති කොවිඞ් මරණවලින් වැඩි අගයක් එනම් සියයට 41 වාර්තා වන්නේ අවුරුදු 61ත් 75ත් අතර වයස් කාණ්ඩයෙන්. සියයට 28ක් අවුරුදු 76ත් 90ත් අතර වයස් කාණ්ඩයෙන්ද සියයට 20ක් අවුරුදු 46ත් 60ත් අතර වයස්කාණ්ඩයෙන්ද වාර්තා වනවා. අවුරුදු 16ත් 30ත් අතර වයස් කාණ්ඩයෙන් වාර්තා වන්නේ සියයට එකක කොවිඞ් මරණ ප‍්‍රතිශතයක් පමණයි.
අවුරුදු 31ත් 45 අතර වයස් කාණ්ඩයෙකන් සමස්ථ කොවිඞ් මරණ වාර්තා වී ඇත්තේ සියයට 07ක්. මෙරට ශී‍්‍ර ලංකාවෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ථ කොවිඞ් රෝගීන් සංඛ්‍යාව 82,890ක්. ඉන් සුවය ලබා ඇති සංඛ්‍යාව 78,373ක්. එය ප‍්‍රතිශතයක් ලෙස 94යි දශම 06ක් වනවා. තවදුරටත් ප‍්‍රතිකාර ලබමින් ඇති සංඛ්‍යාව 4,053ක්. එය සියයට 04යි දශම 09ක් වනවා.
මේ අතර ගතවූ පැය 24 තුළ මෙරටදී පී සී ආර් පරීක්ෂණ 12,632 සිදු කර ඇති අතර වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 460 දෙනෙක්. ති‍්‍රවිධ හමුදාව මගින් පාලනය වන මධ්‍යස්ථාන 96ක් තුළ පුද්ගලයින් 9,667 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටිනවා.
(Neth)