Monday, February 09, 2026
Follow Us
දැනට ප්‍රතිකාර ලබන සක්‍රිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4500 ටත් අඩුවෙයි

මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද කොවිඩ් - 19 වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 81467 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, ඊයේ (24) දිනය තුළ හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයින් 458 දෙනාත් සමගය. ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

දැනට ප්‍රතිකාර ලබමින් සිටින සක්‍රිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4496ක් දක්වා අඩුවී ඇත. පසුගිය මාස කිහිපය තුළ ඇතැම් අවස්ථාවල ප්‍රතිකාර ලබන සක්‍රිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 9000ක් තරම් ඉහළ මට්ටමකට ද පැමිණ තිබිණි.

මෙතෙක් සුවය ලබා පිටව ගිය මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 76514ක් වේ.

(LNW)