Wednesday, April 24, 2024
Follow Us
රැඳවියන් බැලීමට එන අමුත්තන් සඳහා නව ක්‍රමවේදයක්

ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් රැඳවියන් බැලීමට පැමිණෙන අය හට ප්‍රමාද වීමකින් තොරව රැඳවියන් බැලීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගෙන පැමිණීමේ ක්‍රමවේදයක් සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පිවිස E Visit තොරතුරු පද්ධතිය හරහා තොරතුරු ඇතුලත් කර දිනයක් සහ වේලාවක් වෙන්කර ගත හැකිය.

මෙවැනි තාක්ෂණික ක්‍රමවේදයක් භාවිතා කරමින් ඉදිරියේ දී බන්ධනාගාර තුල ඇතිවන ගැටළු අවම කිරීමටත්, කොවිඩ් 19 හේතුවෙන් රැදවියන්ට හා ඔවුන්ගේ නිවෙස් වල අයට සම්බන්ධවීමේ දී ඇතිවන ගැටලු‍ නිරාකරණය කිරීමේ ක්‍රියාමාර්ග රැසක් ආරම්භ කිරීමට නියමිත වෙයි.

බන්ධනාගාර තොරතුරු තාක්ෂණ අංශය විසින් මෙම වෙබ් පිටුව හා මෘදුකාංගය නිර්මාණය කර ඇත.

(Aruna)