Friday, April 19, 2024
Follow Us
කොවිඩ් පාලනයක් සිදුවෙලා නෑ. දෛනික ආසාදිතයින් ගණන අඩුවෙන්නේ PCR අඩු නිසා

පසුගිය දින කිහිපය තුළ දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ පැහැදිලි අඩුවීමක් පෙන්නුම් කෙරෙන්නේ රට තුළ කොවිඩ් ව්‍යාප්තිය පාලනය වීමක් නිසා නොව දෛනික PCR පරීක්ෂණ සංඛ්‍යාව අඩුවීම නිසා බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

"අපි දැක්කා පසුගිය සතියේ විතර රෝගීන් 1000 ආසන්නට ආසාදිතයින් යනවා. අනිත් පැත්තෙන් අපි දැක්කා ආසන්නම දින ටිකේ 500 ආසන්නයට රෝගීන් විචලනය වෙනවා. ප්‍රධාන කාරණා දෙකක් මත මේ ආසාදිතයින් සංඛ්‍යාව තීරණය වෙනවා. පළවෙනි එක තමයි අපි කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව.

පසුගිය ආසන්නම දින තුනේ PCR පරීක්ෂණ ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල තාවකාලිකව නැවතිලා තිබුණේ. හේතුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එන්නත්කරණ වැඩසටහනේ යෙදිලා තිබුණු නිසා. නමුත් අපි දැක්කා ගම්පහ දිස්ත්‍රික්කයේ 100 ආසන්නයේ රෝගීන් වාර්තා වෙනවා ජාතික මට්ටමේ දත්තවල. ඒ වාර්තා වෙන්නෙ රෝහල්වලට ගිහිල්ලා කරපු PCR පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් පොසිටිව් වෙච්ච කොටස්.

අනිත් එක අපි හැමෝම දන්නවා පසුගිය පැය 24 වාර්තා වෙන ආසාදිතයො කිව්වට ඇත්තටම පහුගිය පැය 24 PCR පරීක්ෂණ වලින් තහවුරු වෙන රෝගීන්. මේ PCR සාම්පලය ආසන්න වශයෙන් දින 3 ඉඳලා 10 වෙනකල් පිටිපස්සෙ දවස්වල ගනිපුවා" යනුවෙනුයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (23) ජාඇල ප්‍රදේශයේ උත්සව ශාලා හිමියන්ගේ සහ ආහාර පාන සපයන්නන්ගේ සංගමයේ නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අමතමිනි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෙබ් අඩවියෙහි දැක්වෙන අන්දමට ද පසුගිය දිනවල PCR පරීක්ෂණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහළ බැස තිබේ. පෙබරවාරි 10 වනදා 19687ක උපරිමයකට ළඟා වී තිබුණු PCR පරීක්ෂණ සංඛ්‍යාව පෙබරවාරි 22 වනදා වනවිට 11222ක් දක්වා පහළ බැස ඇති අයුරු එහි දැක්වේ.

(LNW)