Tuesday, April 23, 2024
Follow Us
සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය හකුලා ගනී

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා දුන් පොරොන්දුව මත සෞඛ්‍ය වෘත්තීය සමිති 22 ක් අද දිනයේ ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය අත්හිටුවන බව ප‍්‍රගතිශීලි සෞඛ්‍ය සේවා සංගමය පවසනවා. වැඩවර්ජනයකට යොමුවීමට බලපෑ කරුණු සම්බන්ධයෙන් එහි ප‍්‍රධාන ලේකම් තිලංක පුෂ්පකුමාර නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.

මේ අතර රැකියා ලක්‍ෂයේ වැඩසටහන යටතේ බදවා ගනු ලැබූ පිරිස් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අන්තර්ග‍්‍රහණය නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසුවා. එම සේවකයන් සෞඛ්‍ය සේවයට ඇතුළත් කර ගන්නා බවට පැතිර යන රාවයන් සත්‍යයෙන් තොර බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ජනාධිපති කාර්යාලයේ සභා ශාලාවේ පැවති ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිත හමුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ බව කියාසිටියා. අඩු ආදායම් ලබන පවුල්වලින් තෝරා ගන්නා පිරිස් රැුකියා ලක්‍ෂයේ වැඩසටහනට එක් කර ගැනෙනවා.

ඔවුන්ට රෝහල්, පාසල් සහ විවිධ රාජ්‍ය ආයතනවල ශ‍්‍රමිකයන්, පවිත‍්‍රතා කම්කරුවන් සහ යන්ත්‍රෝපකරණ හසුරුවන්නන් ලෙස පුහුණුව ලබාදී ඒ ඒ ආයතනවල ස්ථිර පත්වීම් ප‍්‍රදානය කෙරෙනවා. කෙසේවෙතත් එම පිරිස් සෞඛ්‍ය සේවයට අන්තර්ග‍්‍රහණය නොකරන බවයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ.

(Neth)