Friday, April 19, 2024
Follow Us
ගෑස් මිලත් වැඩි වන ලකුණු

වසර 6 කින් ඉහළ නොදැමුණු ගෑස් මිල වැඩි කිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා මෙරට ගෑස් ආනයනික සමාගම් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව් කේ එච් වෑගපිටිය නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ ලෝක වෙළදපලේ ගෑස් මිල වැඩිවීම, විනිමය අනුපාතය සහ වෙනත් පිරිවැය කරුණු සළකා ගෑස් මිල ඉහළ දැමීමට රජයෙන් අවසර ඉල්ලා ඇති බවයි.

ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය ඇතුළත රජයෙන් යහපත් ප‍්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.

සෞදි අරාබියෙන් මෙරටට ගෑස් ආනයනය කරන බවයි ලිට්‍රෝ ගෑස් සමාගම පැවසුවේ. ලෝක වෙළදපොලේ ඉල්ලූම වැඩිවීම හේතුවෙන් ගෑස් මිල ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් සිය සමාගමට ද මසකට රුපියල් බිලියනයක පමණ පාඩුවක් සිදුවන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී ලිට්‍රෝ ගෑස් සමාගමේ ප‍්‍රකාශකයෙකු සදහන් කළේ.

මීට මාසයකට පමණ පෙර ද ගෑස් මිල වැඩි කිරීමට අවසර දෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටි බවයි ඔහු කියාසිටියේ. සිය සමාගම එලෙස ඉල්ලීම් කළේ ලාභ ලැබීමට නොව සිදුවන අලාභය පියවා ගැනීමට බව ද ලිට්‍රෝ ගෑස් සමාගම වැඩිදුරටත් සදහන් කළා.

(Neth)