Monday, February 09, 2026
Follow Us
මහා වංශ පුස්කොළ පොත් ලෝක උරුමයක් වෙයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පුස්තකාලයේ ඇති මහා වංශ පුස්කොළ පොත් එකතුව ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානය තීරණය කර ඇතැයි එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක ‘අරුණ’ට ඊයේ (23 වැනිදා) පැවසීය.

මෙම පුස්කොළ පොත් එකතුව පරීක්ෂා කිරීමට විශ්වවිද්‍යාලයට පැමිණි යුනෙස්කෝ නියෝජිතයන් ඒ පිළිබඳ සෑහීමකට පත් වූ බවත් මහා වංශයේ සියලු කොටස් කිසිදු අඩුපාඩුවකින් තොරව පවතින එකම ස්ථානය වන්නේ විශ්වවිද්‍යාලයීය පුස්තකාලය පමණක් බවත් එම නියෝජිතයන් හඳුනාගත් බව උපකුලපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව මෙම පුස්කොළපොත් එකතුව ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමට පියවර ගන්නා බව යුනෙස්කෝ නියෝජිතයන් දැනුම් දුන් බව මහාචාර්යවරයා කියයි.

(Aruna)