Monday, February 09, 2026
Follow Us
LTTE ප්‍රවර්ධනය කළ පුද්ගලයෙකු වත්තලදී අත්අඩංගුවට

අන්තර්ජාලය හරහා LTTE සංවිධානය සහ ප්‍රභාකරන්ගේ ඡායාරූප හා විවිධ කරුණු පළ කළ පුද්ගලයෙකු පොලිස් ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ඨාශය මගින් වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ සැකකරු ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ඨාශයේ රදවාගෙන ප්‍රශ්න කරන බවයි.

අන්තර්ජාලය හරහා මෙවැනි ක්‍රියා සිදුකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සදහා අඛණ්ඩව විමර්ශන සිදුකරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

(Neth)